“ජනතාවගේ ප‍්‍රශ්නවලට විසදුම් අරගෙන තුනුක්කායීවලට අපි ගියා”

“ජනතාවගේ ප‍්‍රශ්නවලට විසදුම් අරගෙන තුනුක්කායීවලට අපි ගියා”

“තුනුක්කායිවල ඉදල හැතැක්ම 72ක් දුර ගෙවාගෙන යාපනය කච්චේරියට වැඩක් කරගන්න එන්න ඕනෑ. ඒ කාලයේ හාල් පොතක් ගන්න, ළමයෙකුගේ උප්පැන්න සහතිකයක් ගන්න යනාදී වශයෙන් රජයෙන් ඉටුකර ගත යුතු කටයුතු කරගන්න ඒ තරම් දුෂ්කරතාවයක් තිබුණා. මා එහි සේවය කරන කාලයේ ඒ ගැන කල්පනා කළා. වාහන, කෑමබීම, වතුර ටික මේ මිනිසුන් ලබාගන්නේ කොහොමද? ඒ ගැන කල්පනා කරල කුඩා කච්චේරියක් ආරම්භ කරන්න හිතුවා. කච්චේරියේ තියෙන රෙජිස්ටාර් ජනරාල්, ගොවිජන සේවා ආදී සෑම දෙපාර්තමෙන්තුවක්ම ඊට අනුගත කළා. ජනතාවගේ ප‍්‍රශ්නවලට විසදුම් අරගෙන තුනුක්කායීවලට අපි ගියා.” යැයි උතුරු නැගෙනහිර හිටපු පළාත් ආණ්ඩුකාර ලයනල් ප‍්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ ජාතිවාදයට එරෙහිව ඊයේ (21) කොළඹ මහජන පුස්තකාලයීය ශ‍්‍රවණාගාරයේදී වෙනසක ඇරඹුම සංවිධානය විසින් පවත්වන ලද “අපි මිනිස්සු” ජාතික සමගි කතිකාවතේ ආරාධිත දේශනය පවත්වමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උතුරු නැගෙනහිර හිටපු පළාත් ආණ්ඩුකාර ලයනල් ප‍්‍රනාන්දු මහතා…

“මේ ප්‍රෙක්ෂකාගාරයෙන් ප‍්‍රශ්නයක් අහන්න මම කැමතියි. “තුනුක්කායී කොහෙද තියෙන්නේ, සතුරු කොන්ඩාන් කොහෙද තියෙන්නේ” තුනුක්කායි යාපනයේ, සතුරු කොන්ඩාන් මඩකලපුවේ තිබෙන්නේ. මගේ රාජකාරී කාලයේ සැලකිය යුතු පරිච්ජේදයක් ගත කළේ මන්නාරම, වව්නියාව, අම්පාර, මුලතිව් යනාදී ප‍්‍රදේශවල. දකුණෙන් උතුරේ රාජකාරියට යන නිලධාරියෙක් හෝ සේවකයෙක් ඉටු කරන කාර්යභාරය කුමක්ද? මම කල්පනා කරන්නේ පැය අටක කාලය තුළ ෆයිල් එහෙට මෙහෙට තල්ලු කිරීමෙන් එහාට කළ යුතු කාර්යභාරයක් තිබෙන බවයි. මෙහෙම කල්පනා කරන කොට තුනුක්කායිවල ඉදල හැතැක්ම 72ක් දුර ගෙවාගෙන යාපනය කච්චේරියට වැඩක් කරගන්න එන්න ඕනෑ. ඒ කාලයේ හාල් පොතක් ගන්න, ළමයෙකුගේ උප්පැන්න සහතිකයක් ගන්න යනාදී වශයෙන් රජයෙන් ඉටුකර ගත යුතු කටයුතු කරගන්න ඒ තරම් දුෂ්කරතාවයක් තිබුණා. මා එහි සේවය කරන කාලයේ ඒ ගැන කල්පනා කළා. වාහන, කෑමබීම, වතුර ටික මේ මිනිසුන් ලබාගන්නේ කොහොමද? ඒ ගැන කල්පනා කරල කුඩා කච්චේරියක් ආරම්භ කරන්න හිතුවා. කච්චේරියේ තියෙන රෙජිස්ටාර් ජනරාල්, ගොවිජන සේවා ආදී සෑම දෙපාර්තමෙන්තුවක්ම ඊට අනුගත කළා. ජනතාවගේ ප‍්‍රශ්නවලට විසදුම් අරගෙන තුනුක්කායීවලට අපි ගියා.

මිනිසුන් වෙනුවෙන් කාර්යභාරයක් ඉටු කරන්න අපේ හදවත්වලට යම්කිසි පෑරීමක්, වේදනාවක් දැනෙන්න ඕනෑ. ඒ මිනිසුන්ගේ ජීවන රටාව දැක්කහම ඇතිවෙන වේදනාවෙන් ගැලවෙන්න බොහොම අමාරුයි. මිනිස්කම ලැබෙන්නේ අනිකාගේ ප‍්‍රශ්න තේරෙනකොට. මගේ සේවා ජීවිතයේ අල්ලස් දෙන්න සූදානම් වූ අවස්ථා එමටයි. නමුත්, දෙවියන් සතු දේ ඔහුට දෙන්න, සීසර් සතු දේ සීසර්ට දෙන්න කියන කියමන අනුව මම වැඩකරගෙන ගියා. මගේ රාජකාරී ජීවිතයේදී අතිශයින්ම සතුටු වුණේ උතුරු නැගෙනහිර පළාත්වල කටයුතු කිරීමෙන්.

ස්වාමි පුරුෂයින් නැති කාන්තාවන් තමන්ගේ දරුවන් එක්ක ඉන්න ගමක් තියෙන බව මට ආරංචි වුණා. ඒ ගම සතුරු කොණ්ඩාන්. මේ ගමෙන් තමයි එල්ටීටීඊ සංවිධානයට වැඩිම පිරිසක් බැඳිලා තියෙන්නේ. යුද්ධයේදී ඒ පිරිමින් විශාල පිරිසක් ඝාතනය වෙලා. නමුත්, ඒ පිරිමින්ගේ මරණය සම්බන්ධයෙන් කිසිම සහතිකයක් නැහැ. වැන්දඹු කාන්තාවන්ට මොනවා හරි දෙයක් ලබා ගන්න මූලිකම අවශ්‍යතාවය වෙන්නේ ඒ මරණ සහතික. මේ කාන්තාවන් පිළිඳව සහ මියගිය පිරිමින් පිළිබඳව ග‍්‍රාම නිලධාරී මහත්වරුන් එක්ක සියලුම තොරතුරු රැස් කළා. පස්සෙදී දිස්ත‍්‍රික් විනිශ්චයකාරතුමන් එක්ක උසාවි වෙලාවෙන් පස්සේ හමුවෙලා සියලුම මරණ සහතික නිකුත් කළා. ඒ නිසා අපි නිර්දේශ කරපු වන්දි මුදල් මාස්පතා ඒ හැම කෙනෙකුටම ලැබුණා. අපේම උදවියටත් ඒ හදවතම තමයි තියෙන්නේ. ඒ රාජකාරී යුතුකම උතුරු නැගෙනහිරට ගිහිල්ලත් හරියටම ඉෂ්ඨ කරන්න ඕනෑ.

මම රාජකාරී කරන කාලේ දේශපාලන ස්ථානමාරුවීම් දුන්නත් ඒ සියලු දේවල් ඉතාම ඕනෑකමින් අභියෝගයක් ලෙස බාරගත්තා. සමාජයක් වශයෙන් මෙහෙම කල්පනා කරනවා නම් රටේ විවිධ ජාතිවාදී, ආගම්වාදී ප‍්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ජනතාව අපිව ආරක්ෂා කරනවා. රාජකාරී ජීවිතයේ ලැබෙන ලොකුම සතුට ඒකයි.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්