රුපියල් මිලියන 12ක් අවභාවිත කළ කුමාර ගුණරත්නට රට යන්න අවසර

රුපියල් මිලියන 12ක් අවභාවිත කළ කුමාර ගුණරත්නට රට යන්න අවසර

මීගමු කළපු සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වෙන්කළ රුපියල් මිලියන 12කට ආසන්න මුදලක් පසුගිය ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සඳහා යොදාගැනීමේ සිද්ධියේ චූදිතයෙකු වන හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාට විදෙස් ගත වීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (22) අවසර ලබාදී තිබේ.

අදාළ නඩුවේ පස්වෙනි සැකකරු වන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මේ මස 23 වැනිදා සිට ලබන මස 25 වැනිදා දක්වා විදේශ ගතවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා මෙසේ අවසර ලබාදී ඇත.

සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු සැකකරුවන් 06 දෙනාට එරෙහිව මේ වනවිට කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවර ඇති බව නඩුව අද කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් අනාවරණය කර තිබේ.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, මහාධිකරණයෙන් නොතීසි ලද විගස මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සැකකරුවන්ට අවවාද කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව අවසන් කිරීමටෙද තීරණය කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්