ප්‍රධාන ඉල්ලීම් 03ක් ඇතුළු ඉල්ලීම් 14ක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය අද 22 සහ හෙට 23 දීප ව්‍යාප්ත සංකේත වාර්ජනය ආරම්භකර ඇතැයි එම සංගමය පවසයි.
මෙම තත්වය නිසා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පාලනයවන විශ්වවිද්‍යාල 15ක, මණ්ඩප 3ක සහ උසස් අධ්‍යාපන ආයතන 18ක කටයුතු මුළුමනින්ම අඩාළ වී ඇති බව වාර්තාවේ.
සිය ඉල්ලීම් පිළිබදව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාගෙන් ඉකුත් වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට ඉල්ලීම් කළද මෙතෙක් එම අවස්ථාව ලබා දී නැතැයි ඔවූහු චෝදනා කරති.
මේ වනවිට විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල ආරම්භකර ඇති වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වී ඇති අතර අද ආරම්භ කළ මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මන්‍ය වී ඇත.
ආණ්ඩුවේ අධ්‍යාපන බලධාරීන් වෘත්තීයසමිති සමග සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳනවා වෙනුවට එම ප්‍රශ්න උඩුදුවා වර්ජන දක්වා පැමිණ රටම අර්බුදයකට යනතුරු බලා සිටින බව මේ මොහොතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ප්‍රශන සාකච්ඡාවට බඳුන් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පෙරේදා පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියේය.










