අගමැතිට එරෙහි විශ්වාසභංගය 04වැනිදා විවාදයට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඊයේ (21) කතානායක කරූ ජයසූරිය මහතා වෙත භාරදුන් විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 04වැනිදා විවාදයට ගැනීමට අද (22) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.

අද පෙරවරුවේ කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී පක්ෂනායකයින් මෙම තීරණයට එළඹ ඇත.

ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ලබන මස 04වැනදා පැවැත්වෙනු ඇත.

එදින පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව ආරම්භ කෙරෙන අතර රාත්‍රී 9.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර ඡන්ද විමසීම පස්වරු  9.30ට ආරම්භ කිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn