රටපුරා මතුවෙමින් තිබෙන ජාතිවාදී ප‍්‍රවණතාවය හේතුවෙන් ඉදිරියේදී රට තුළ ඇතිවිය හැකි අර්බුද සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන කතිකාවක් ‘වෙනසක ඇරඹුම’ සංවිධානය විසින් ඊයේ (21) පස්වරු 3.30ට කොළඹ, මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම කතිකාව සඳහා ජාතික භික්ෂු පෙරමුණ, ශ‍්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය, ජනතා විමුක්ති පෙරමුණ, මානවවාදී කලාකරුවෝ, අලුත් පරපුර, ජනතා මෙහෙවර උදෙසා රාජ්‍ය සේවකයෝ, සමාජ සමානාත්මතාව උදෙසා විශ්වවිද්‍යාල ආචාර්යවරු යන සංවිධානද සහභාගී වූහ.
එහි දේශකයින් ලෙස පූජ්‍ය හෑගොඩ විපස්සි හිමි සහ උතුරු නැගෙනහිර හිටපු ආණ්ඩුකාර ලයනල් ප‍්‍රනාන්දු, ජ.වි.පෙ. නායක අනුර දිසානායක, මහාචාර්ය එන්.ජේ. යෝගරාජා, ශ‍්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ මුනීර් මවුලවී තුමා, විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය, අලුත් පරපුර සංවිධානයේ සමනලී ෆොන්සේකා යන අය සහභාගී වූහ.
ඉෂාක් බෙග්, සූරියකුමාර් මුත්තලගේ, සුනිල් පෙරේරා, නදීක ගුරුගේ, මිත‍්‍ර කපුගේ, සමනලී ෆොන්සේකා, සුලක්ෂන් යන කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් ජාතික සමගි ගීත ප‍්‍රසංගයක්ද මෙහිදී පැවැත්විණි.
ඇරඹුම සංවිධානය විසින් මාර්තු 29 දින මහනුවර දිගනදීත් අප්‍රේල් 03වෙනි දින මාතරදීත් අප්‍රේල් 08 වෙනි දින අම්පාරහිදීත් මෙම ‘අපි මිනිස්සු’ ජාතික සමගි කතිකාව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.





























