ගංජා වවන්න කලින් ආණ්ඩුව පොල් කර්මාන්තය රැක ගැනීමට කටයුතු කළ යුතුයි

ගංජා වවන්න කලින් ආණ්ඩුව පොල් කර්මාන්තය රැක ගැනීමට කටයුතු කළ යුතුයි

අද ගංජා වගා කිරීමට කතාකරන ආණ්ඩුව පොල් කර්මාන්තය දිනෙන් දින වළපල්ලට ඇදදමමින් සිටින බවත් ගන්ජා වැවීමට පෙර රටේ ආර්ථිකයට මහත් පිටුවහලක් වන පොල් හා ඒ ආශ්‍රිත කර්මාන්තය රැකගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව පැවසූවේ පොල් කර්මාන්තය සුරැකීමේ සංවිධාන එකමුතුව විසින් ඊයේ (21) දඹුල්ලේදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

පොල් ඉඩම් කැබිලි කිරීමේ ජනාධිපති තහනම් නියෝගය වහාම බලාත්මක කරන ලෙස බලධාරීන්ට බල කරමින් පැවති එම මාධ්‍ය හමුවේදී මේ වනවිට පොල් හා ඒ ආශ්‍රිත කර්මාන්තය මුහුණ දී ඇති ඛෙදනීය තත්වය පිළිබඳ පැහැදිලි කරන ලදී.

එම මාධ්‍ය හමුව සඳහා පොල් කර්මාන්ත සුරැකීමේ සංවිධාන එකමුතුවේ අනුසාසක, ජාතික භික්ෂු පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් තිස්සව සුමනානන්ද හිමයෝ, කොහුබත් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති දයාන් ප්‍රනාන්දු මහතා, පොල් කර්මාන්තය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු සමන් ඉන්ද්‍රජීත් මහතා, වෙන්නප්පුව කොහුකර්මාන්ත කරුවන්ගේ සංගමයේ නිහාල් වීකරක්කොඩි මහතා, එහි ලේකම් ඉන්දික ප්‍රනාන්දු මහතා, ග්ලෝරඩි සබ්ස්ට්‍රෙඩ් පුද්ගලික සමාගම නියෝජනය කරමින් මහේෂ් ප්‍රනාන්දු මහතා, එම සමාගමේ එම්.ටී.බී. හුලුගල්ල මහතා, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික කමිටු සාමාජික, පොල්කරුමාන්ත සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු සංජීව කරුණාසාරග මහතා, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික කමිටු සාමාජික, දඹුල්ල ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සුනිල් රණවීර මහතා, කප්රුක සුරැකීමේ සංවිධානයේ සහ පොල් සහ පොල් කරුමාන්ත සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු, හිටපු ප්‍රාදේශීය කලමනාකරු කැනියුට් ඇන්තනී මහතා, එහි සාමාජික එස්.ඒ. රණසිංහ මහතා සහ පොල් කර්මාන්ත කරුවන් නියෝජනය කරමින් ඩී.එම්.ඩබ්ලිව් බණ්ඩාර මහතා ඇළු පිරිසද එක්වී සිටියහ.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා…

“පොල් අපනයන බෝගයක් බවට පෙළපොත්වල ඉගැන්නුවට අද පොල් ආනයන බෝගයක් බවට පත් වෙලා. පොල් මිදී ගැනීමේදී පොල් මිල අධික ලෙස ඉහළ ගිහින් තියෙනවා. පොල් ආශ්‍රිත කර්මාන්ත අද බරපතල කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. පොල්ලෙල්ලේ සිට සෑම දෙයකම මිල ඉහළ ගිහින් තියෙනවා. ෆාම් ඔයිල් ගෙන්වීම, පොල් තෙල් කර්මාණ්තය කඩා වැටීම සහ විශේෂයෙන් පොල් ඉඩම් කට්ටි කිරිම, සත්තුන්ගෙන් වන හානි. නියඟයෙන් වන හානි නිසා අද පොල් කර්මාන්තයට කණ කොකා හඬන තත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා.

මේ අනුව ලෝකයේ වැඩිම පොල් පරිභෝජනය කරන්නේ අපේ රටේ. අපේ ඒකපුද්ගල වාර්ශික පොල් බරිභෝජනය පොල් ගෙඩි 109ක්. අපේ කැලරි අවශ්‍යතාවයෙන් 22%ක් සම්පූර්ණ කරන්නේ පොල්වලින්. දල වශයෙන් අපි අවුරුද්ධකට පොල් ගෙඩි මිලියන 2000කට වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කරනවා.

1980 දී පොල් ගෙඩි මිලියන 2026ක අස්වැරන්නක් අපි ගන්නවා. 1990දි මිලියන 2532ක අස්වැන්නක් ගන්නවා. 2000දී මිලියන 3096ක අස්වැන්නක් ගන්නවා. 2001දී මිලියන 2769යි. 2004දී මිලියන 2591යි. 2014දී මිලියන 2870ක අස්වැන්නක් ගන්නවා. 2015දි මිලියන 3056ක අස්වැන්නක් ගන්නවා. 2016දී මිලියන 3011 දක්වා අඩු වෙනවා.

1990දි හිටපු ජනගහනය සහ දැන් ජනගහනය සමග සන්සන්දනය කිරීමේදී මෙම පොල් ඵලදාව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකියි. මේ ආශ්‍රිතව අද කර්මාන්ත වැඩිවලො තිබෙනවා. අපනයන කරණ ප්‍රමාණයන් වැඩිවෙලා තිබෙනවා.

1982 සංගණනයට අනුව පොල් ඉඩම් හෙක්ටයාර් හාරලක්ෂ දාසයදහස් දෙසිය පනස් එකක් (හෙක්ටයාර් 416,251) තිබුනා.  2002දි අවුරුදු 20කට පස්සේ කරපු සංගණනයට අනුව මේක අඩු වෙනවා හෙක්ටයාර් තුන්ලක්ෂ අනූ හතර දහස් අටසිය තිස් හයක් (හෙක්ටයාර් 394,836) දක්වා. ඒ අනුව අවුරුදු 20ක් ඇතුළත පොල් වගා කළ භූමි ප්‍රමාණය 5.4%කින් අඩු වෙනවා. ඒක හෙක්ටයාර් විසිඑක් දහස් හාරසිය දාහතරකින් (හෙක්ටයාර් 21,414) අඩුවෙනවා.

එවගේම 2014දී හෙක්ටයාර් තිස්දහස් හත්සිය හැත්තෑ එකක (හෙක්ටයාර් 30,771) භූමි ප්‍රමාණයක අලුතෙන් පොල් වගා කරණව. නමුත් 2016 වනවිට වගා කරන්නේ දහදහස් නවසිය අනූ හයයි. ඒ අනුව 64%ක වේගයකින් 2014ට සාපේක්ෂව 2016 වෙනකොට පොල් අලුතෙන් වගා කරන භූමි ප්‍රමාණය අඩුවෙලා තිබෙනවා.

කර්මාන්ත පුළුල්වීමත්, ජනගහනයේ වැඩිවීමත්, ඒකපුද්ගල පොල් පරිභෝජනයක් කියන මේ සියළු කාරණා සැලකිල්ලට ගත්තට පස්සේ අපේ පොල් ඉඩම් ඉතාමත් වේගයෙන් ක්ෂය වෙනවා. ඵලදාව අඩුවෙලා, පස නිසරුවෙලා. අපේ පොල් ගස්වලින් 60%ක් අවුරුදු 60 පැනපු වයෝවෘද ගස්.

ඉන්දියාව හෙක්ටයාර් එකකින් 9500ක අස්වැන්නක් ගන්නකොට අපි ගන්නේ 6500ක අස්වැන්නක් විතරයි.”

සම්පූර්ණ මාධ්‍ය හමුව පහතින් පළ වේ…

නාමල් කරුණාරත්න මහතා

 

කැනියුට් ඇන්තනි මහතා

 

දයාන් ප්‍රනාන්දු මහතා

 

ඉන්දික ප්‍රනාන්දු මහතා

 

සමන් ඉන්ද්‍රජීත් මහතා

 

තිස්සව සුමනානන්ද හිමි

 

Facebook
Twitter
LinkedIn