සුඛෝපභෝගී රථයේ කුඩු ඇද්ද අයෙක් පොලිස් දැලට කොටුවෙයි

සුඛෝපභෝගී රථයේ කුඩු ඇද්ද අයෙක් පොලිස් දැලට කොටුවෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹසිට මාතර දක්වා සුඛෝපභෝගී මෝටර් රථයකින් හෙරෝයින් මත්කුඩු රැගෙනවිත් එම මත්කුඩු පැකට් ඊසී කෑෂ් ක්‍රමයට විකිණීමේ ජාවාරමක නිරත වු පුද්ගලයෙකු අද (21) මාතර ගොඩගම අධිවේගී පිවිසුම අසලදී පොලිසිය පැය 08ක පමණ මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසියට ලැබුණු තොරතුරකට අනුව පැය අටකපමණ කාලයක් මාර්ගයේ රැකවල්ලා සිටිදී මෙම සැක කටයුතු මෝටර් රථය පැමිණ ඇති අතර පොලිසිය එයට නතර කිරීමට සංඥා කළ අවස්ථාවේදී නොනවත්වා පලා යාමට උත්සාහකර තිබේ. පසුව පොලිස්ජීප් රථයෙන් පාරහරස් කර එම රථය නවතා පරික්ෂා කිරීමෙන් පසු මොහු අත්අඩංගුව ගෙන තිබේ.

සැකකරුගේ කලිසමේ සඟවා තිබු හෙරෝයින් මත්කුඩු පැකට් 100ක් සොයාගෙන ඇති අතර ඒවා පොලිතින් බෑග් වල ඔතා ටොනික්පියන්වල දමා තලා සකස් කර තිබී ඇත.

මෙසේ කර ඇත්තේ මුදල් ලබා දෙන පුද්ගලයන්ට අවශ්‍ය විවිධ තැන්වල සඟවා තැබීමේ පහසුව සදහා බවත් මුදල් ලබා ගන්නේ ඊසී කෑෂ් ක්‍රමයට බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.

Facebook
Twitter
LinkedIn