“සියලු ආකාරයේ ජාතිවාදයන් පිටුදකිමු! – ජාතික සමගිය ගොඩ නගමු!”

“සියලු ආකාරයේ ජාතිවාදයන් පිටුදකිමු! – ජාතික සමගිය ගොඩ නගමු!”

පසුගියදා අප මාතෘ භූමියේ පැන නැගුණු ජාතිවාදී ගිනිදැල් මතින් ඇති වූ ජීවිත හා දේපළ හානි පිළිබඳවත් ඒ මගින් සාමානය ජන ජීවිතය අඩාල වීම් සහ වියශේෂයයන් රටක් වශයයන් විවිධ පැතිකඩවලින් අප සියලු යදනාට මුහුණ පෑමට සිදුවන අනිටු ප්‍රතිවිපාක පිළිබඳවත් ලාාංකික ප්‍රජාව දැනුවත් කිරීයම් සම්මන්ත්‍රණයක් එතර අපි සාංවිධානයේ කටාර් කමිටුයේ සාංවිධායකත්වයෙන් පසුගියදා කටාර් හි ශ්‍රී ලාංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී පවත්වා තිබේ.

ලාංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කටාර් රාජයයේ තානාපති ඒ.එස්.පී. ලියනයේ මහතායේ ප්‍රධානත්වයයන් පැවති යමම හමුව සඳහා කටාර් රාජ්‍යයේ වෙසෙන ලාංකික සිංහල, යදමළ, මුස්ලිම් සාංවිධානයන් සහ පුරවැසියන් නියයෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වී ඇත.

මෙහිදී සභාව ඇමතූ තානාපතිවරයා, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් සුරක්ෂිත විය යුතු බවත් සියලු ජන ප්‍රජාවන්ට බියෙන් සැකයෙන් යතොරව සාමයෙන්, සහයෝගයෙන්, සහෝදරත්වයෙන් ජීවත්වීමට අවශ්‍ය වට පිටාව සකසා දිය යුතු බවත්, පසුගිය දිනවලදී ඇති වූ ගැටුම්කාරී තත්වයන්හිදී තමන් විශේෂයෙන් කටාර් හි වෙසෙන මුස්ලිම් ප්‍රජාවේ සහ අයනකුත් ප්‍රජා නායකයන්ගෙන් ඉල්ලීම මත ශ්‍රී ලාංකා රජය සමග නිරන්තර සම්බන්ධතාවයන් පවත්වමින් අවස්ථාවෝචිතව කටයුතු කළ බවත් සඳහන් කර තිබේ.

මෙවන් වැදගත් කටයුත්තක් සාංවිධානය කළ එයතර අපි සාංවිධානයට තානාපතිවරයාගේ වියශේෂ ස්තුතිය පුද කරණ බවද ප්‍රකාශ කර ඇත.

මෙහිදී ඉස්ලාම් ආගමික ප්‍රජාව යවනුයවන් අනුශාසනාවක් පැවැත්වූ අෂ්රොෆ් මවුලවි තුමා, සාමය, සමගිය, සාංහිඳියාව වෙනුවෙන් සියලු ආගමික පදනම් පිලිබඳ පැහැදිලි කිරීමක් කර තිබේ.

ශ්‍රී ලංකා සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සනත් කොහොවිලගේ, ශ්‍රි ලාංකා ව්‍යාපාරික සාංගමයේ සභාපති ටෙනිසන් සිල්වා, ශ්‍රි ලාංකා මුස්ලිම් සාංවිධාන සාංසදයේ සභාපති හසීම් හම්සා, බෞද්ධ දහම්පාසලේ කීර්ති ලියනගේ, ශ්‍රි ලාංකා මජ්ලිස් සංගමයේ සභාපති රිස්වාන් යසීම්, ශ්‍රි ලාංකා යදමළ සංගමයේ උදයකුමාර්,  ශ්‍රී ලාංකා මුස්ලිම් එකමුතුවේ ෆාහිම් මවුලානා, එතර අපි සංවිධානයේ කටාර් ශාඛාවේ අනුශාසක අනුර හෙට්ටියගොඩ යන මහත්වරු සභාව අමතන ඇති අතර සියලු දෙනාගේම ඒකමතික අදහස වී ඇත්තේ මනුෂයත්වය ම්ලේච්චත්වය කරාගෙන යන සියලු ආකාරයේ ජාතිවාදයන් මුලුමනින්ම මුලිනුපුටා දැමිය යුතු බවයි.

එමෙන්ම සියලු ජන ප්‍රජාවන්ට බියෙන් සැකයෙන් තොරව සාමයෙන්, සමගියෙන්, සහෝදරත්වයෙන් ජීවත්වීමට අදාල වූ වටපිටාවක් තිරසර ලෙස ස්ථාපිත කළ යුතු බවත් එහිදී අදහස් වී ඇත.

උත්සව සභාව ආරම්භ වීමට යපර ගැටුම්වලින් ජීවිත හානි වූවන් සිහිකර විනාඩියක නිහඬතාවයක් පැවැත්වීමටත් කටයුතු කර තිබෙන අතර පැමිණ සිටි පිරිස පිළිගැනීම එතර අපි සංවිධානයේ කටාර් ශාඛායේ ලේකම් අරුණ රුවන් කුමාර මහතා සිදු කර ඇති අතර ස්තුති කථාව, තානාපති කාර්යාලයේ උපදේශක දුලිප් ජයවර්ධන මහතා සිදු කර තිබේ.

Facebook
Twitter
LinkedIn