පොලිස් කොමිසමේ ලේකම් ධුරයට ඇවන්ගාඩ් පාර්ශ්වකරුවෙක්

පොලිස් කොමිසමේ ලේකම් ධුරයට ඇවන්ගාඩ් පාර්ශ්වකරුවෙක්

ආරියදාස කුරේ මහතාගේ අස්කිරීමෙන් පුරප්පාඩු වූ ජාතික පොලිස් කොමිසමේ වැඩබලන ලේකම් ධූරයට ඇවන්ගාඩ් සිදුවීමේ පාර්ශ්වකරුවකු පත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

එතෙක් වැඩ බලන ලේකම්වරයකු පත්කිරීමට, හෙට (22) රැස්වන 130 වැනි පොලිස් කොමිසම් සභා වාරයේදී නියමිත යැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

පරිපාලන ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් නොසළකා හැර කොමිසමේ සිටින කණිෂ්ඨ නිලධාරියකු ඊට පත්කිරීමේ සූදානමක් නිසා කොමිසම අභ්‍යන්තරයෙහි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

තවද ඇවන්ගාඩ් සිදුවීමේ පාර්ශ්වකරුවකු වීම සම්බන්ධයෙන්ද දේශපාලන ඥාතීත්වයක් සම්බන්ධයෙන්ද ඔහු ගැන විවාදාත්මක අදහස් කොමිසම අභ්‍යන්තරයෙහි පළ වෙමින් පවතින බවද කියැවේ.

ජාතික පොලිස් කොමිසමේ සභාපති පී.එච්. මනතුංග මහතාගෙන් මේ ගැන කළ විමසීමේදී මෙතෙක් කිසිදු පුද්ගලයෙකු පුරප්පාඩු වූ ධූරයට පත්කර නැතැයි ඔහු පැවැසීය.

මූලාශ්‍ර ලංකාදීප

Facebook
Twitter
LinkedIn