අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකට බාර දෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21)  කතානායකවරයාට බාර දී තිබේ.

කතානායක නිල කාමරයේ දී බාර දුන් එම යෝජනාවට මහින්ද පිලේ මන්ත්‍රීවරුන්ට අමතරව ආණ්ඩු පක්ෂයේ 04 දෙනෙකුද අත්සන් තබා ඇත.

එම සිව් දෙනා වන්නේ සුසන්ත පුංචිනිලමේ, ටී.බී. ඒකනායක, නිශාන්ත මුතුහෙට්ටිගම සහ කාදර් මස්ථාන් යන අයයි.

මහින්ද පිලේ 51 දෙනෙක් සමග 55 දෙනෙකු ඊට අත්සන් තබා ඇත.

Facebook
Twitter
LinkedIn