රෝහල් සේවිකාව ජීවිතක්ෂයට පත්වෙයි – රෝහල් බලධාරීන් තවමන් මර නින්දේ

රෝහල් සේවිකාව ජීවිතක්ෂයට පත්වෙයි – රෝහල් බලධාරීන් තවමන් මර නින්දේ

බදුල්ල මහරෝහලේ එක් වාට්ටුවක සිට තවත් වාට්ටුවකට මාරු විම සඳහා දයා ගුණසේකර මාවත හරහා ගමන් කරමින් සිටියදි ත්‍රීරෝද ගැටී බරපතළ තුවාල ලබා බදුල්ල මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝහල් සේවිකාව අද (21) උදෑසන මියගොස් ගොස් ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ බදුල්ල මහ රෝහලේ උපස්ථායිකාවක වන හාලිඇල අන්තුඩුවාවල පදිංචිව සිටි දිසානායක වර්ණසූරිය මුදියන්සේලාගේ ගුණසීලී  කුමාරිහාමි නැමති දෙදරු මවකි.

මෙම සේවිකාව ඉකුත් 12 වනදා සවස 3.00 ටපමණ බදුල්ල මහ රෝහලේ එක් පරිශ්‍රයක පිහිටි සේවක විවේකාගාර වෙත ගොස් දිවා ආහාරය රැගෙන අනෙක් රෝහල් පරිශ්‍රයට දයා ගුණසේකර මාවත හරහා ගමන් කරමින් සිටියදි මෙම අනතුරට ලක් වි තිබේ.

අධික වේගයෙන් පැමිණ ත්‍රීරෝද රථය මෙම උපස්ථායිකාව හා රෝහලේ සනීපාරක්ෂක කටයුතු කරන පුද්ගලික ආයතනයක කම්කරුවෙක්ද අනතුරට පත්කර එම ස්ථානයේ නතර කර තිබු යතුරු පැදියකද ගැටී ඇත.

සුළු තුවාල සිදුවු සනීපාරක්ෂක කම්කරුවා සුවය ලබා ඇත.

අනතුර සිදුකල ත්‍රීරෝද රථය පැදවු  පුද්ගලයා බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබිණි.

මෙම ස්ථානයේ ඇති අනතුර පෙන්වා දෙමින් ආරක්ෂිත ලෙස පාර මාරුවීම සඳහා ආරක්ෂාකාරී පදික මාරුවක් සකස් කර දෙන ලෙසත් එම ස්ථානයේ ආරක්ෂිත කැමරා පද්ධතියක් සවි කරන ලෙසත් සමස්ත ලංකා සුවසේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති ගණනාවක් රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද මෙතෙක් ඊට අදාළව යහපත් ප්‍රතිචාර ලැබී නැති බව පවසමින් රෝහල් සේවකයන් පසුගියදා විරෝධතාවයකද නිරත වූහ.

Facebook
Twitter
LinkedIn