මහ බැංකුවේ වංචාසහගත බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීෂ් සමාගමේ හිමිකරු අරුජුන් ඇලෝසියස් හා එම සමාගමේ විධායක නිලධාරී කසුන් පළිසේන විසින් ඇප ඉල්ලා අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ගොණු කර තිබේ.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා හා මුල්‍ය විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා නම් කර ඇති බව වාර්තා වේ.
මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර බාරයට පත් කර ඇති තමන්ට ඇප ලබා දීම පොදු දේපළ පනත යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ප්‍රතික්ෂේප කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ට එරෙහිව අධිකරණයට වාර්තාකර ඇති කරුණු අනුව පොදු දේපළ පනත යටතේ කිසිදු වරදක් අනාවරණය නොවන බවත් එම නිසා පොදු දේපල පනත යටතේ තමන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරිය ගත් තීරණය දූෂිත බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් අභියාචනාධිකරණය හමුවේ කියා ඇත.
එම තීරණයට එරෙහිව කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කලත් එය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළ බැවින් කොටුව මහේස්ත්‍රාත්වරියගේ නියෝගය හා කොළඹ මහාධිකරණයේ නියෝගය ප්‍රතිශෝධනය කර තමාව ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවන් ඉල්ලා තිබේ.










