පොලිස් බුද්ධි අංශ නිලධාරියෙකුට වෙඩි

පොලිස් බුද්ධි අංශ නිලධාරියෙකුට වෙඩි

අද (21) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් තංගල්ල පොලිස් බුද්ධි අංශයේ කොස්තාපල්වරයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ.

කතරගම නගරය ආසන්නයේදී අද උදෑසන 6.50ට පමණ වෙඩි තැබීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

පෞද්ගලික ආරවුලක් මත වෙඩි තැබීම සිදුව ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවද වාර්තා වේ.

ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවට සැකකෙරෙන අතර තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

Facebook
Twitter
LinkedIn