රජයේ රෝහලෙනුත් රෝගීන්ට බිලක්

ඉදිරියේ දී සෑම රජයේ රෝහලකම ප්‍රතිකාර ලබන රෝගීන් හට ප්‍රතිකාර සඳහා වැය වූ මුදල ඇතුළත් බිල්පතක් නිකුත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බිල්පතක් නිකුත් කළද ඒ සඳහා මුදල් අය නොකරන බවයි.

අනුරාධපුර මහ රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය  අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පල කර තිබේ.

මීට පෙර පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේදීද මෙම යෝජනාව ගෙන ආ නමුත් ඊට විරුද්ධව සමායෙන් නැගුණු විරෝධය හමුවේ එය යටත්පත්විය.

Facebook
Twitter
LinkedIn