හදිසි නීති තත්ත්තවය ඉවත් කිරීම සඳහා වන ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් තබා ඇත.
ඊයේ (17) රාත්‍රී දිවයිනට පැමිණි ජනාධිපතිවරයා අදාළ ගැසට් නිවේදනයට අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම සඳහා මේ වනවිට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව වාර්තා වේ.
මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය 06 වැනිදා මෙරටට හදිසි නීතිය පනවනු ලැබීය.
ඒ අනුව පොලීසිය කලහකාරීන් මර්දනය කිරීමට කටයුතු කළ අතර මේ වනවිට සාමකාමී තත්ත්වයක් දිවයින පුරා වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කරයි.
එම කලහකාරී කටයුතුවලට මුල් වූ පිරිසක්ද මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.
2










