මේ දිනවල ඕමානයේ නිල සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා එහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පවත්වාගෙන යන රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයන් හමුවී ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව එම රැඳවියන් සමග සාකච්ඡා කර තිබේ.
එමෙන්ම ඕමානයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ හමුවක්ටද සහභාගී වී ඇත.
එහිදී ඔවුන් මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබේ.
ඕමාන් රජයේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතා නායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඕමානයට ගොස් සිටින 11 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස නිහාල් ගලප්පත්ති මහතා මෙම සංචාරයට එක්වී සිටින අතරතුරු ඕමානයේ ජවිපෙ කමිටුව විසින් උක්ත සාකච්ඡා සංවිධානය කර තිබී ඇත.
තානාපති කාර්යාලය විසින් පවත්වාගෙන යන එම රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳවියන් සමග පැවති සාකච්ඡාව පසුගිය 12වනදා පස්වරුවේ පවත්වා ඇති අතර ශ්‍රී ලාංකිකයන්ගේ හමුව ඊයේ (15) පස්වරුවේ පවත්වා තිබේ.











