බැඳුම්කර කොමිෂන් වාර්තාව තොරතුරු පනත යටතේ ජවිපෙ ඉල්ලයි

බැඳුම්කර කොමිෂන් වාර්තාව තොරතුරු පනත යටතේ ජවිපෙ ඉල්ලයි

රට තුළ ආණ්දෝලනයකට තුඩුදුන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසියට අදාළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සහ මීට පෙර ජනාධිපතිවරයා වෙත බාර දී තිබෙන බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සමබන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා පිළිබඳව ජනාධිපතිවරයා අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙතෙක් කිසිදු කරුණක් ප්‍රකාශ නොවන බැවින් එම සිදුවීම් යටපත්කිරීමට ඉඩ නොදීමේ ඉදිරි ක්‍රියාමාර්ගයක් ලෙස තොරතුරු දැනගැනීමේ පනතේ ඇති අයිතිය යටතේ එම වාර්තා ඉල්ලා සිටීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2015-2016 අතර කාලයේ සිදුවූ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගිය ජනවාරි මස 27 වනදා ජනාධිපතිවරයා විසින් පත්කළ කොමිෂන් සභාවේ වාර්තාව ඊයේ (30) ජනාධිපතිවරයා වෙත බාර දී ඇත.

එමෙන්ම මීට පෙර බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සමබන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන වාර්තා 17ක පමණ ප්‍රමාණයක් ජනාධිපතිවරයා වෙත බාර දී ඇතත් එම වාර්තාවලට සිදුවූයේ කුමක්දැයි මෙතෙක් වාර්තා නොවේ.

එබැවින් එම සිදුවීම් කාලයේ වැලි තලාවේ ගිල්වා දැමීමට ඉඩ නොතබමින් එම වාර්තාවලින් හෙළි දරව්වූ කරුණු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙසේ ජනතා විමුක්ති පෙරමුණ තොරතුරු දැනගැනීමේ පනතේ ඇති අයිතිය පාවිච්චි කරමින් අදාළ වාර්තා ලබාගැනීමට කටයුතු කරමින් සිටියි.

Facebook
Twitter
LinkedIn