ඩෙංගු මදුරුවාට යාපනයේ ගුරුවරියකුත් බිලි

ඩෙංගු මදුරුවාට යාපනයේ ගුරුවරියකුත් බිලි

මේ දිනවල යාපනයේ හදුනානොගත් දරුණු උණ රෝගයක් පැතිර යන අතරවාරයේ ඩෙංගු රෝගය වැළදීමෙන් පාසල් ගුරුවරියක්  අද (31) අළුයම යාපනය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ කීර්තිකා ලක්ෂානී නැමති 40 හැවිරිදි පාසල් ගුරුවරියෙකි.

ඇය මීට මාස හතරකට ඉහතදී දරුවකු ප්‍රසූත කොට ඇති අතර උණ හා දියවැඩියා රෝගය වැලදීම නිසා රෝහල් ගත කිරීමේන් පසුව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මෙසේ මිය ගොස් ඇත.

ඇගේ මරණය සම්බන්ධයෙන් යාපනය ශීක්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව මෙම මරණය ඩෙංගු රෝගය වැළදීමේන් සිදුවූ මරණයක් බවට නිගමනය කොට තිබේ.

කෙසේ නමුත් යාපනයේ මේදිනවල පැතිර යන දරුණු උණ රෝගය නිසා ජනතාව දැඩි බියකට පත්ව ඇති බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn