පක්ෂ කාර්යාලයේ ඇති අපේක්ෂකයාගේ ඡායාරූපයත් ඉවත්කරන්නැයි පොලීසිය නියෝග කරයි

පක්ෂ කාර්යාලයේ ඇති අපේක්ෂකයාගේ ඡායාරූපයත් ඉවත්කරන්නැයි පොලීසිය නියෝග කරයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ඇති පක්ෂ කාර්යාල හා අපේක්ෂක කාර්යාලවල ප්‍රදර්ශනය වන අපේක්ෂකයාගේ ඡායාරූපය දින තුනක් ඇතුළත ඉවත් කිරීමට දඹුල්ල මැතිවරණ බල ප්‍රෙද්ශයේ දේශපාලන අධිකාරියට දැනුම් දී ඇති බව වාර්තා වේ.

දඹුල්ල සහකාර පොලිස් අධිකාරී ගාමිණී මීගහකුඹුර මහතා විසින් අද (31) දින මේ බව දන්වා ඇතැයි පැවෙස්.

එසේ නොවන්නේ නම් එය මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් බව සහකාර පොලිස් අධිකාරී ගාමිණී මීගහකුඹුර මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මැතිවරණ ප්‍රචාරක කාර්යාල පිහිටුවීමට අදාළ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ නිවේදනය මෙන්න මූලාශ්‍ර

Facebook
Twitter
LinkedIn