කල්පිටිය ධීවර වරායේ නැංගුරම්ලා ඇති බහු දින යාත්‍රාවන්හී අද (31) අලුයම සිට කලු කොඩි ප්‍රදර්ශනය කර තිබේ.
මේ පිළිබද බහු දින යාත්‍රා හිමියන් පවසන්නේ ජනවාරි සිට ජාත්‍යන්තර මුහුදට යන සියලු යාත්‍රා සදහා ටැබ් යන්ත්‍ර සවි කිරීම අනිවාර්ය කිරීමට විරෝධය දැක්වීමට මෙසේ කලු කොඩි ඔසවා ඇති බව යි.
මෙම ටැබ් යන්ත්‍ර සවි කිරීම මගින් ධීවරයන්ට මසුන් මැරීමට ඇති අයිතිය අනවශ්‍ය ලෙස බාධා එල්ලවන බවත් ඔවූහු පවසති.
මේ පිළිබදව අදහස් දක්වන පුත්තලම දිස්ත්‍රික් සහකාර ධීවර අධ්‍යක්ෂක අයි.එම්.ජී.සරත් චන්ද්‍රනායක මහතාගෙන් පවසන්නේ ධීවර යාත්‍රා ශ්‍රී ලංකා මුහුදු සීමාව වන නාවුක සැතපුම් 200 ඉක්මවා යාමේදීත්, විවිධ රටවල දේශසීමා උල්ලංඝණය කිරීමේදීත් ජාත්‍යන්තර නීති කොන්දේසි කඩවීමේදීත් නීතිමය පියවර ගත හැකි බැවින් මෙමගින් ජාත්‍යන්තර වශයෙන් මුහුදු සීමා උල්ලංඝණය පාලනයක් වීමක් සිදු වන බවයි.
බහු දින යාත්‍රාවන්හි ධීවර කාර්මිකයෝ මීට පෙර ලොග් සටහන් පොතක් පාවිච්චි කළ බවත් මෙම නව ටැබ් යන්ත්‍රයත් එවැනිම විද්‍යුත් දත්ත සටහන් වීමක් සිදුවීමක් බවත් යථා කාලයේ දී මෙම ටැබ් යන්ත්‍ර සවි නොකල යාත්‍රාවන්ට ධීවර මෙහෙයුම්වල නිරත වීම සපුරා තහනම් වන බවත් ඔහු සඳහන් කරයි.
පුත්තලම දිස්ත්‍රික්කය තුළ ක්‍රියාකාරී බහු දින යාත්‍රා 44කට මෙම ටැබ් යන්ත්‍ර නොමිලේ බෙදා දීමට නියමිත බවද ඔහු පවසයි.










