හිටපු විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ නමින් තර්ජනාත්මක් දුරකතන ඇමතුමක් ජවිපෙ පළාත් සභා මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චිට ලැබී තිබේ.
එයට හේතුවී ඇත්තේ මන්ත‍්‍රීවරයා විසින් පාසල් වාර අවසාන ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණය කළ ආයතනයක වංචාවක් හෙළි කිරීමත් එම ආයතනයට මුදල් ගෙවීම අත්හිටුවන ලෙසට පළාත් සභාවේ කරුණු දැක්වීමය.
කෙසේ වෙතත් අනුර එදිරිසිංහ නැමැත්තා සිද්ධියට අදාල මුද්‍රණ ආයතනයේ සේවකයෙකු ලෙස සේවය කරන බව පසුව වාර්තා විය. ඔහු තමන් සේවය කළ විභාග කොමසාරිස් තනතුර පාවිච්චි කරමින් ප‍්‍රශ්න පත‍්‍ර පොත් අලෙවි කිරීමට කටයුතු කරමින් සිටින බව මන්ත‍්‍රීවරයාට දැනගැනීමට ලැබී තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ලක්ෂ්මන් නිපුණාරච්චි මන්ත‍්‍රීවරයා බස්නාහිර පළාත් සභාවේ සභාපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.
11










