විදුලි සේවක සටනට ජය – වැඩ වර්ජන අදහසත් අත්හිරිති

විදුලි සේවක සටනට ජය – වැඩ වර්ජන අදහසත් අත්හිරිති

ඊයේ (19) වනවිට දින 09ක් පුරා සත්‍යග්‍රහයේ නිරතව සිටි විදුලි සේවකයෝ සිය සටන ජයග්‍රහයෙන් නිම කළ බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳුවම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කරයි.

ප්‍රසාද දීමනා කප්පාදුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ඔවුන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර තිබූ අතර බලධාරීන් ඊට තවදුරටත් කන් නොදෙන්නේනම් ඉදිරියේදී වැඩවර්ජනයකට අවතීරණය වන බවටද ඔවුන් අනතුරු අඟවා සිටියේය.

කෙසේ නමුත් ඊයේ දින පැවති සාකච්ඡා සාර්ථකව අවසන්වීම නිසා සිය සත්‍යග්‍රහයද අවසන් කළ බවත් වැඩවර්ජන අදහසද ඒ අනුව අවසන් වන බවත් රංජන් ජයලාල් මහතා සඳහන් කළේ ය.

Facebook
Twitter
LinkedIn