වෛද්‍ය පීඨය ස්ථාපිත කරණු! – සබරේ සිසූහු අදත් පාරට බසිති

වෛද්‍ය පීඨය ස්ථාපිත කරණු! – සබරේ සිසූහු අදත් පාරට බසිති

සබරගමුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පාර්ශව කිහිපයක් විසින් සිදු කළ සාකච්ඡාවකින් පසු ඇති කර ගත් එකඟතාවයක් අනුව ගෙන ගිය අරගලයකින් පසු එම විශ්වවිද්‍යාලයට 2006 වසරේ ලැබුණු වෛද්‍ය පීඨය මෙතෙක් ආරම්භ නොකිරීමට එරෙහිව එහි සිසු සිසුවියෝ අද (20) විරෝධතාවයක නිරතවීමට නියමිතය.

මෙම වෛද්‍ය පීඨය 2006 වසරේදී විශ්වවිද්‍යාලයේ ඉදිරි සැලසුමට ඇතුළත් කර ඇති අතර පීඨය සඳහා පළමු සිසුන් කණ්ඩායම 2011වසරේදී ඇතුළත් කර ගන්නා බවත් විශ්වවිද්‍යාල පරිපාලනය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සිසුන්ට සහ ආචාර්යවරුන්ට දන්වා තිබුනද ඉන් පසු පීඨයේ කටයුතු ආරම්භ වී නැත.

පීඨය ස්ථාපිත කිරීම සඳහා රත්නපුර රෝහලට යාබදව ඉඩමක්ද වෙන් කරගෙන ඇති අතර 2011 වසරේදී විශ්වවිද්‍යාල පරිපාලනය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දැනුම් දී ඇත්තේ 2016 වසරේදී පළමු සිසු කණ්ඩායම බඳවා ගැනීමට අවශ්‍ය සියළු කයුතු සිදු කරන බවය. කෙසේ නමුත් එය දිගින් දිගටම ප්‍රමාද වීම නිසා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය නියෝජිතයින් මෙම වසරේ මුලදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නියෝජිතයින් හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. එහිදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නියෝජිතයින් ප්‍රකාශ කර ඇත්තේ නව වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමට අවශය මුදල් ප්‍රතිපාදන නොමැති බැවින් සබරගමුව වෛද්‍ය පීඨය ආරම්භ කරන දිනය ගැන කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය.

එම වෛද්‍ය පීඨය ලබාදෙන ලෙස ඉල්ලා අද දින එම විරෝධතාවය පැවැත්වීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn