ඇස්බැස්ටස් තහනම අත්හිටුවයි

ඇස්බැස්ටස් තහනම අත්හිටුවයි

ලබන ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඇස්බැස්ටස් තහනම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයයේදී ඊයේ (19) දහවල් පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

ඇස්බැස්ටස් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය ආනයනය ලබන පළමු වැනිදා සිට තහනම් කිරීමටත්, 2020 වසරේ සිට ඇස්බැස්ටස් සම්පූර්ණයෙන් තහනම් කිරීමටත් ශ්‍රී ලංකා රජය මුලදී තීරණය කර තිබිණි.

ඇස්බැස්ටස් සඳහා අමුද්‍රව්‍ය සපයන රටවල් අතර රුසියාව ප්‍රධාන තැනක් ගන්නා බව පැවසේ.

රුසියානු රජය ශ්‍රී ලංකාවේ තේවලට ඉකුත්දා තහනමක් පැනවූ අතර ඊට හේතුව ශ්‍රී ලංකා රජය ඇස්බැස්ටස් තහනම් කිරීම බවට දේශපාලන කරළියේ කතා බහටද ලක් විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්