HIV ආසාදිතයන් බවට සැක 5ක් ගම්පහින් හමුවෙයි

HIV ආසාදිතයන් බවට සැක 5ක් ගම්පහින් හමුවෙයි

ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් රෝග මර්ධන ඒකකය මගින් ගම්පහ දුම්රිය ස්ථානයේදී දින තුනක් තිස්සේ සිදුකරන ලද රුධිර පරීක්ෂාවේදී HIV ආසාධිතයින් බවට සැක කරන පස් දෙනකු හමුවු බව සෞඛ්‍ය අංශය සදහන් කරයි.

“වර්ෂ 2025 වනවිට මෙරටින් ඒඩ්ස් තුරන් කරමු” සහ “කිසි වෙකුත් රුධිර පරීක්ෂාවෙන් බැහැර කළ නොහැක”  තේමා කරගනිමින් මෙම පරීක්ෂාව සිදු කර ඇත.

ලෝක ඒඩ්ස් මර්ධන දිනයට සමගාමීව සිදු කළ මෙම පරීක්ෂාවට කාන්තා සහ පිරිමි යන දෙපක්ෂයේ 160 දෙනෙක් ඉදිරිපත් වී තිබේ.

HIV ආසාධිත බවට  සැක සහිත පස් දෙනා අතුරින් තිදෙනෙකු පිරිමි බවද සෞඛ්‍ය අංශය කියයි.

ඔවුන් පස් දෙනා වැඩිදුර පරීක්ෂාවන් සිදු කිරීම පිණිස ගම්පහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග සායනයට පැමිණෙන ලෙස පෞද්ගලිකව දැනුම් දී ඇති ඇති අතර එහිදී HIV ආසාදිතයින් බවට තහවුරු වුවහොත් අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් ඔවුනට සාමාන්‍ය පරිදි දිවි ගෙවිය හැකි වාතාවරණයක් සලසා දෙන බවත් ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් රෝග මර්ධන ඒකකය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn