හෙට්ටිපොල, තුත්තිරිපිටිගම ප්‍රදේශයේ සහල් මෝලක තිබී පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් සොයාගෙන තිබේ.
හෙට්ටිපොල පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සහල් තොගය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
ඉන්දියාවෙන් ආනයනය කරන ලද සහල් කිලෝග්‍රෑම් 69,525ක තොගයක් එහිදී සොයාගෙන ඇති අතර ඒවා අත්අඩංගුවට ගන්නා විට කිලෝග්‍රෑම් 25 බැගින් වන ඇසුරුම්වල බහා තිබී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මීගස්වැව අලහේනගම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කරයි.
හෙට්ටිපොල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
5










