නාමයෝජනා භාරගැනීමට සියල්ල සූදානම්

නාමයෝජනා භාරගැනීමට සියල්ල සූදානම්

පළාත් පාලන ආයතන 93කට අදාල නාමයෝජනා භාරගැනීම සඳහා සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පළාත් පාලන ආයතන 93කට අදාළ නාමයෝජනා බාර ගැනීමේ කටයුතු එළඹෙන සදුදා දිනයේ දී ආරම්භ කෙරෙන අතර එම කටයුතු 14 වැනිදා මධ්‍යහන 12.00න් අවසන් වීමට නියමිතය.

ඒ අනුව ලබන සඳුදා සහ අඟහරුවාදා (11,12,13) උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නාමයෝජනා භාරගැනීමේ කටයුතු සිදුකෙරෙන බවත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල සඳහා පොලිස් ආරක්ෂාව යෙදවීමටද අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් මැතිවරණ කොමිසම සඳහන් කරයි.

නාමයෝජනා භාරගැනීමේ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ සහකාර තේරිම්භාර නිලධාරීවරුන්ට සියලු උපදෙස් ලබාදුන් බවද මැතිවරණ කොමිසම සදහන් රයි.

මීට අමතරව නාමයෝජනා භාරගැනීම පිළිබදව ඔවුන්ට ලිඛිතව උපදෙස් ලබා දි ඇති බව එම කොමිසම සඳහන් කරයි.

මේ අතර මැතිවරණය පැවැත්වීමට අදාළ අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවද මැතිවරණ කොමිසම සදහන් කරයි.

Facebook
Twitter
LinkedIn