තමන්ගේ නියමිත සේවා මුරය සඳහා වාර්තා නොකරන දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයන් සේවය අතහැර ගියා සේ සලකන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත.
අද (09) දහවල් පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ඒ බව ප්‍රකාශයට පත්කර තිබේ.
දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනයටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (08) රාත්‍රී අත්සන් කර ඇත.
ඒ අනුව අද උදෑසන සිට දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් වන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
සේවයට වාර්තා නොකරන දුම්රිය සේවකයන් සඳහා දෙපාර්තමේන්තු මට්ටමින් අවශ්‍ය පියවර ගනු ඇති බවත් ජනාධිපති ලේකම්වරයා සඳහන් කරයි.
කෙසේ නමුත් තම ඉල්ලීම් සඳහා විසඳුම් ලැබෙන තුරු වර්ජනය අත්නොහරින බව වෘත්තීය සමිති සඳහන් කරයි.
1










