2018 පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති බැවින් 2017.11.28 දින සිට ක්‍රියාත්මක වන පරිදි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් නිකුත් කර ඇති LAE/2018/4B චක්‍රලේඛය අනුව ඡන්ද අපේක්ෂකයින්ට ප්‍රවර්ධනයක් වන පරිදි රාජ්‍ය සම්පත් යොදාගැනීම තහම් කර ඇත.
කෙසේ නමුත් එම චක්‍රලේඛය උල්ලංඝණය කරමින් මීරිගම ප්‍රාදේශීය සභාවේ මඩබාවිට කොට්ඨාශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂිකා සඳමාලි හපුසිංහ මහත්මිය සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරමින් සිටින බවට මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය විසින් ගම්පහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිඛිතව පැමිණිලි කර තිබේ.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රාජ්‍ය නිලධාරීන් හා රජයේ පාසලක් යොදා ගනිමින් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ප්‍රවර්ධනය වන පරිදි කටයුතු කරමින් සිටින බවට එම මැතිවරණ නිරීක්ෂණ ජාලය වැඩිදුරටත් පැමිණිලි කර ඇත.
එහි ප්‍රධාන විධායක නීතීඥ උදිත ගුණසේකර මහතාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනය පහතින් පළ වේ.











