හම්බන්තොට වරාය චීනයට පැවරීමට අදාළ ගවිසුම සම්බන්ධ ගැසට් පත්‍රය පිළිබඳව අද (08) පාර්ලිමේන්තුවේ පැවති විවාදයෙන් අනතුරුව ඊට බෙදීමක් අවශ්‍ය බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා යෝජනා කළ අතර ඊට සභාවේ අනුමැතිය හිමිවිය.
කෙසේ නමුත් අදාළ ඡන්ද විමසීමේදී එයට පක්ෂව ඡන්ද 72ක් ලැබී තිබූ අතර විරුද්ධව ලැබී තිබුනේ ඡන්ද 07ක් පමණි. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු එහිදී විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර මහින්ද පිලේ මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වැලකී සිටියහ.
ඒ අනුව වැඩි ඡන්ද 65කින් එය සම්මත කර ගෙන තිබේ.
මහින්ද පිල නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන වැනි ජ්‍යෙෂ්ඨයන්ද නාමල් රාජපක්ෂ ඇතුළු නවකයන් පිරිසක්ද සිටි නමුත් ඔවුන් කිසිවෙකුත් හම්බන්තොට වරාය චීනයට පැවරීමට අදාළ රනිල් – මෛත්‍රී ආණ්ඩුවේ තීන්දුවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ නොකිරීමද විශේෂත්වයකි.











