හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු 06 දෙනාගේ ඇප අයැදුම ජනවාරියට

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු 06 දෙනාගේ ඇප අයැදුම ජනවාරියට

රක්ෂිත බන්ධනාගාර බාරයේ සිටින හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ඇතුළු 06 දෙනාට ඇප නියම කිරිමට ඉදිරිපත් කොට ඇති පෙත්සම ලබන වසරේ ජනවාරි 09 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා ඊයේ (07) නියෝග කර තිබේ.

පසුගිය සමයේ කොළඹ ප‍්‍රදේශයේ සිටි ළමුන් ඇතුළු තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ඔවුනට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

පෙත්සමකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මෛත‍්‍රී ගුණරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයින් පසුගිය යුද සමයේදී නාවික හමුදාවේ සේවය කළ අය බවත් මෙම සිද්ධියට අදාළව දීර්ඝ කාලයක්පුරා රක්ෂිත බාරයේ පසුවන හෙයින් මෙම පෙත්සම ඉතාම කෙටි දිනයකදී කැඳවන්නැයි ඉල්ලා තිබේ.

Facebook
Twitter
LinkedIn