ඊයේ (06) දින ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයට පාගමනින් ගිය උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාව විසින් ආණ්ඩුකාරවරයා සමග සාකච්ඡාවක් සිදු කර තිබේ. එහිදී උමාඔය ඔහු බහුවිනාශකාරි ව්‍යපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා ආණ්ඩුකාරවරයාට අවධාරණය කර ඇත්තේ උමාඔය ව්‍යාපෘතියෙන් හානියට පත් ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගියදා ජනාධිපතිවරයා සාකච්ඡාවක් ලබා දුන් නමුත් එහිදී එළඹි තීරණ ගැන සමාලෝචනය කිරීම සඳහා මාස තුනකට වරක් ලබාදීමට පොරොන්දු වූ සාකච්චා මෙතෙක් ලබා නොදුන් බැවින් වහාම ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ලබා දිය යුතු බවය.
උමා ඔය ව්‍යාපෘතිය නිසා සිදුවු නිවාස හා වගාහානි වෙනුවෙන් මෙතෙක් සාධාරණ වන්දියක් ලබානොදීමට එරෙහිව බදුල්ල මහාධිකරණයේදී ගොනු කර තිබූ නඩුව ඊයේ කැඳවා තිබූ අතර ඊට සමගාමීව අධිකරණය ඉදිරිපිට පැවති නිහඬ විරෝධතාවයෙන් පසු එම පිරිස මෙසේ පාගමනින් ගොස් ආණ්ඩුකාරවරයා හමුවී සාකච්ඡා කර තිබේ.
භික්ෂූන් වහන්සේ ඇතුළු ප්‍රදේශයේ ජනතාව ඊට එක් වී සිටියහ.
[embedyt] https://www.youtube.com/watch?v=NFGwnvUH1hU[/embedyt]












