කාලය දිගු කළාට කමක් නැහැ… චූදිතයන්ට ගැලවෙන්න දෙන්න බැහැ…

කාලය දිගු කළාට කමක් නැහැ… චූදිතයන්ට ගැලවෙන්න දෙන්න බැහැ…

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව විමර්ශනය කෙරෙන ජනපති කොමිසමේ කාලය දීර්ඝ කරගෙන හෝ කළ යුත්තේ චූදිතයන්ට ගැලවිය නොහැකි පරිදි නඩු පැවරීමට අවශ්‍ය සාක්ෂි ගොනු කිරීම බව දූෂණ විරෝධී හඬ සංවිධානය පවසයි.

දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසන්නේ බැඳුම්කර කොමිසමේ වාර්තාව අද (08) නිකුත් වන තුරු ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටි නමුත් වංචාව පිළිබඳ සාක්ෂි හා කරුණු පිළියෙල කිරීමට යම් සාධාරණ කාලයක් අවශ්‍ය නම් එහි ගැටලුවක් නොමැති බවයි.

කෙසේ නමුත් නැවත එකී කාලය දීර්ඝ කරමින් මෙය ඇදගෙන යෑමට ඉඩදිය යුතු නොමැති බව පවසන වසන්ත සමරසිංහ මහතා පවසන්නේ මෙවර කොමිසමේ කාලය සති 03කින් දීර්ඝ කරගැනීම හරහා ස්වාධීන වාර්තාවක් නිකුත් විය යුතු බවයි.

Facebook
Twitter
LinkedIn