සජින් වාස්, වත්කම් හෙළි නොකළාට දඩය රුපියල් 1000යි

සජින් වාස්, වත්කම් හෙළි නොකළාට දඩය රුපියල් 1000යි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඉදිරිපත් කළ යුතු වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකිරීමේ වරද පිළිගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට රුපියල් 1000ක දඩයක් නියම කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය විසින් අද (07) දින මෙම නියෝගය ලබා දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුයෙකු සිට 2011 මාර්තු 31 සිට 2012 මාර්තු 31 දක්වා කාලය තුළ වත්කම් බැරකම් හෙළි නොකිරීම සම්බන්ධයෙන් අල්ලස් දුෂණ විමර්ශන කොමිසම් සභාව විසින් සජින් දවාස් ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව පනවා තිබිණි.

අද දින නඩුව කැඳවු අවස්ථාවේ අධිකරණය විසින් මෙම දඩය නියම කර ඇති අතර යම් හෙයකින් ඔහු එම දඩය නොගෙවන්නේ නම්, ලිහිල් දඩුවම් සහිත වසරක දඩුවමක් ලබා දීමට ද නියම කර ඇත.

Facebook
Twitter
LinkedIn