දුම්රිය පාලක ස්ථානාධිපතිවරු, නියාමකවරු දුම්රිය රියදුරන් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනයට අද (07) මධ්‍යම රාත්‍රී 12 සිට එකතු වන බව දුම්රිය ස්ථානාධිපති සංගමයද තීරණය කර තිබේ.
මෙම ශ්‍රේණින් සඳහා අගමැතිවරයාගේ සහ ප්‍රවාහන ඇමැතිවරයාගේ අත්සනින් යුතුව වැටුප් වැඩිකිරීමේ කැබිනට් පත්‍රිකාව අනුමත නොකර තවදුරටත් කල්දැමීම මෙම වර්ජනයට හේතුව බව ඔවූහු කියා සිටිති.
මේ අතර ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමය පවසයි.
2










