දේශප්‍රේමි සටන්කරු වීදිය හේවගේ සුනිල් විරුවානන්ගේ පියා මියයයි…

දේශප්‍රේමි සටන්කරු වීදිය හේවගේ සුනිල් විරුවානන්ගේ පියා මියයයි…

යැංකි ඩිකී හෙවත් ජේ.ආර්. ජයවර්ධන ඉන්දියාව ඉදිරියේ දන නමා රජීව් ගාන්ධි ලංකාවට කැඳවා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේ දේශප්‍රේමී ජනතාවගේ බලවත් විරෝධය සමගිනි.

එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවට පැමිණි ආක්‍රමණික ඉන්දීය හමුදාව පලවා හැරීමට බලකරමින් ඇරඹි අරගලයේදී දස දහස් ගණනක් ලාංකීය වීරෝධාර දූ පුතුන් මේ දෙරණත සිප ගත්තේ මහත් වූ දේශප්‍රේමයෙනි.

මෙම අරගලයේදී එහි ප්‍රමුඛ කාර්යභාර්යයක් ඉටු කළ වාරියපොල දෙමටළුව වීදිය හේවගේ සුනිල් සහෝදරයා 1989 පෙබරවාරී මස දිනක පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු විරුවන් සිය ගණනකගේ ලේ රස විඳි කුළී ඝාතකයන් අතට ඔහුව පත් කරන ලදී.

විලංගු ලූ දෑත් සහිතව, ඝාතකයන් සිව් දෙනෙකුගේ බූට් සපත්තුවට පෑගී පවනට බඳු වේගයෙන් රැගෙන යමින් සිටින්නේ තම දිවියේ අවසන් හෝරාව බව පසක් කර ගත් සුනිල් සහෝදරයාගේ විලංගු නොලෑ සිත, ජීවයෙන් හඬ ගා සිටියේ අවසන් මොහොතේදීත් මව් බිමට තවත් යමක් කළ හැකිදැයි සිතමින් වන්නට ඇත. වහා ක්‍රියාත්මක වූ විලංගු ලූ දෑත රියදුරු අසුනේ සිටි ඝාතකයාගේ ගෙල සිර කළේ ඝාතකයන්ට සිතන්නටවත් කිසිවක් ඉතිරි නොකරමිනි. ඔහු තම ජීවිත කුසුම පුද කළේ ඝාතකයින් හය දෙනෙකුගේ ජීවිත උදුරා ගනිමිනි. මෙම වීරෝධාර ක්‍රියාව එවකට අරගලයේ සිටි සගයන්ට මහත් ජවයක් සපයන්නක් විය.

මේ සටහන් තබනුයේ එම විරු සගයාගේ ආදරණීය පියානන් වූ වීදිය හේවගේ විලියම් පියානන්ගේ අභාවය ඊයේ (06) දින සිදු වීම හේතුවෙනි. අවසන් කටයුතු 2017.12.08 දින වාරියපොල දෙමටළුවේදී සිදු කෙරේ.

වීදිය හේවගේ සුනිල් විරුවානන්ගේ පියා

වීදිය හේවගේ සුනිල් විරුවා

Facebook
Twitter
LinkedIn