හිස් කෘෂි ගොඩනැගිල්ලට තවත් කෝටි 6.5ක පරිපූරකයක්

හිස් කෘෂි ගොඩනැගිල්ලට තවත් කෝටි 6.5ක පරිපූරකයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා කුලියට ගෙන මෙතෙක් පාවිච්චියට නොගත් රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල වෙනුවෙන් බදු කුලී සහ පළාත් පාලන බදු ඇතුළු වියදම් සඳහා වන රුපියල් හයකෝටි හැටලක්ෂ හතලිස් දහසක (රු. 6,60,40,000) මුදලක් ලබාගැනීම සඳහා වන නව පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබේ.

රාජගිරියේ ගොඩනැගිල්ල වෙනුවෙන් බදු කුලී හා පළාත් පාලන ආයතන බදු වියදම් සඳහා අතිරේක ප‍්‍රතිපාදන සපයා ගැනීමට රුපියල් හය කෝටි හැට ලක්‍ෂ හතළිස් දහසක මුදලක්ද වාහන ලබා ගැනීමට රුපියල් අට ලක්‍ෂයක මුදලක්ද කෘෂිකර්ම හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය වෙනුවෙන් අතිරේක ප‍්‍රතිපාදන සැපයීමට රුපියල් හය කෝටියක්ද මෙම පරිපූරකය මගින් ඉල්ලා ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්