දකුණු පළාත් රැකියා විරහිත උපාධීධාරී සංගමය හා උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය එක්ව අද (06) දකුණු පළාත් සභාව ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ.
ගුරු විභාගය සමත් උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙසටත් සියළුම උපාධිධාරීන්ට වහාම රැකියා අවස්ථා උදාකර දෙන ලෙසටත් බලරමින් මෙම විරෝධතාවය පැත්විණි.
මෙ සඳහා දකුණු පළාතේ උපාධිධාරීන් විශාල පිරිසක් එක් වී සිටි අතර එම අවස්ථාවට දකුණු පළාත් රැකියා විරහිත උපාධීධාරී සංගමයේ කැඳවුම්කරු මහේෂ් විමුක්ති මහතා සහ උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතාද එක්වී සිටියහ.
බලධාරීන් සමග සාකච්ඡාවක් ලබා දෙනලෙස බලකරමින් පැවති මෙම විරෝධතාවය අතර තුර සාකච්ඡාවක් ලබාදීමට පළාත් අධ්‍යාපන ඇමැති ඇතුළු පළාත් බලධාරීන් කටයුතු කර තිබේ.
පැවති ගුරු විභාගයෙන් සමත් 450ක් පමණ උපාධිධාරීන්ට පළාත් පාලන මැතිවරණයෙන් පසු ගුරුපත්වීම් ලබා දෙන බවත් ඉතිරි උපාධිධාරීන් සඳහා ගනු ලබන පියවරයන් සම්බන්ධයෙන් සාක්චඡා කිරීමට පළාත් ප්‍රධාන ඇමතිවරයා, පළාත් අධ්‍යාපන ඇමතිවරයා ඇතුළු ඇමති මණ්ඩය, පළාත් ප්‍රධාන ලේකම්වරයා ඇතුළු පිරිස සමග සාකච්ඡාවක් ලබා දීමටත් ඒ සම්බන්ධයෙන් ඇමති මණ්ඩලයේදී සාකච්ඡා කිරීමටත් එහිදී පළාත් අධ්‍යාපන ඇමතිවරයා පොරොන්දු වී ඇත.
අද පස්වරු 05.00 පමණ වනතුරු විරෝධතාවය පවත්වා ඇත.


















