“ඔස්ටින් අයියා” ජීවන රඟමඩලෙන් නික්මයයි

“ඔස්ටින් අයියා” ජීවන රඟමඩලෙන් නික්මයයි

හදිසියේ දැඩිලෙස රෝගාතුර වී සිංගප්පුරුවේ රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබ සිටි රංගන ශිල්පී සේනක ටයිටස් ඇන්තනි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මේ දිනවල ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍යක් වන “කූඹියෝ” ටෙලිනාටයේ “ඔස්ටින් අයියා” නමැති චරිතය රග දක්වන ඔහු ‘අලුත් හොරෙක් ඕනෑ’ නම් වේදිකා නාට්‍යය රඟ දැක්වීමට සිංගප්පුරුවට ගොස් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන අතරතුර සිංගප්පුරු ගුවන්තොටුපොළේ දී හදිසියේ රෝගාතුර වීම නිසා එහි රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටියේය.

පුවත්පත් කලාවේදියකු ලෙස සිය වෘත්තීය ජීවිතය අරඹන සේනක ටයිටස් ඇන්තනි මහතා ‘ඇසළ කළුවර’ ටෙලි නාට්‍යය ඔස්සේ රංගනයට පිවිසියේය.

පසුව අපූරු සහෝදරයා, හතර දෙනෙක් සෙන්පතියෝ ඇතුළු ටෙලි නාට්‍ය ගණනාවකටද මෑතකදී තිරගත වුණු ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයට ද ඔහු රංගනයෙන් දායක විය.

සේනක ටයිටස් ඇන්තනි මහතා ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාගේ වැඩිමහල් සහෝදරයාය.

Facebook
Twitter
LinkedIn