භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ සිදුකළ අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සාක්ෂි ලබා ගැනීමට බැඳුම්කර වංචාව සම්බන්ධ පත්කළ ජනාධිපති කොමිසම තීරණය කොට ඇතැයි එහි ලේකම් සුමතිපාල උඩුගමසුරිය මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
මෙම සිද්ධිය පිළිබඳව විමර්ශණ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සාක්කි ලබා ගැනීම සඳහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසම ලබන 02වැනිදා විශේෂ සැසිවාරයක් පැවත්වීමට තීරණය කොට ඇති බවද උඩුගමසුරිම මහතා ප්‍රකාශ කර ඇත.
කොමිසමේ කාලය දීර්ඝ කරන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව ලබන දෙසැම්බර් 08 වැනිදා දක්වා කොමිසමේ කාලය දීර්ඝ කොට ඇති අතර ඒ කාලය තුළදී විමර්ශණ නිලධාරීන්ගෙන්ද සාක්කි ලබා ගැනීමට කොමිසම තීරණය කොට තිබේ.
මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි (සභාපති) ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විතය.










