ඔක්තෝබර් විප්ලවයේ සියවස් සැමරුමේ සමාරම්භක උත්සවයෙන්

ඔක්තෝබර් විප්ලවයේ සියවස් සැමරුමේ සමාරම්භක උත්සවයෙන්

ඔක්තෝබර් විප්ලවයේ සියවස් සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාවේ පවත්වන විශාලම සැමරුම් උත්සවය ජනතා විමුක්ති පෙරමුණ විසින් විහාරමහාදේවී උද්‍යානයේදී සහ එළිමහන් රංගපීඨයේදී දින දෙකක් පුරා සූදානම් කර තිබේ.

ඒ අනුව එහි සමාරම්භක උත්සවය ජවිපෙ නායක අනුර දිසානායක මහතා, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු දෙස් විදෙස් ආරාධිතයින් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

එහි විදෙස් ආරාධිතයන් ලෙස විදේශිය තානාපතිවරු, රුසියානු කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයන්, සෝවියට් ලේඛිකා ඉරීනා මලෙන්කෝ මැතිනිය ඇතුළු පිරිසක් සහභාගී වූ අතර ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි, ප්‍රවීන සාහිත්‍යවේදී ගුණදාස විතානගේ යන මහත්වරු ඇතුළු ප්‍රවීන් සාහිත්‍යවේදීන් රැසක්ද, ප්‍රවීන රංගන ශිල්පිනී දිපානි සල්වා, පිවීන රංගන ශිල්පී ප්‍රසන්තජීත් අබේසූරි ඇතුළු කලා කරුවන් රැසක්ද ආරාධිතයන් ලෙස සහභාගී වී සිටියහ.

සමරු ප්‍රදර්ශනය ඊයේ උදේ 10ට විවෘත් කළ අතරපස්වරු 2.30ට ආචාර්ය ගාමිණි හත්තෙට්ටුවේගම විවෘත වීදිනාට්‍ය කණ්ඩායමේ වීදි නාට්‍ය සංදර්ශනය පැවත්විණි. පස්වරු 3.30ට පොත් එළිදැක්වීම හා සාහිත්‍ය සංවාදය පැවති අතර පස්වරු 6.00ට විකල්ව සංස්කෘතික සැඳෑව පැවැත්විණි.

එහි දෙවන දිනය වන අද (28) උදේ 9.30ට සමරු ප්‍රදර්ශනය ආරම්භ වන අතර පවීන චිත්‍රශිල්පීන් රැසකගේ සහභාගිත්වයෙන් පෙරවරු 10.00ට “ඔක්තෝබරයේ සිතුවම් දැක්ම” චිත්‍ර ඇඳීමේ වැඩසටහට පැවැත්වේ. සවස 2.00ට ආචාර්ය ගාමිණි හත්තෙට්ටුවේගම විවෘත වීදිනාට්‍ය කණ්ඩායමේ දෙවන පරපුරේ වීදි නාට්‍ය සංදර්ශනය පැවත්වීමට නියමිත අතර ජවිපෙ නායකයින්, විදෙස් නියෝජිතයින් සහ ප්‍රධාන ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් පස්වරු 3.30ට ප්‍රදාන සැමරුම් උත්සවය ආරම්භ වේ.

පස්වරු 6.00ට ගීත ප්‍රසංගය පැවැත්වීමට නියමිතය.

Image may contain: 2 peopleImage may contain: 5 people, people standing and outdoorImage may contain: 3 peopleImage may contain: 2 people, people standing and flowerImage may contain: 2 people, people sittingImage may contain: 3 peopleImage may contain: 4 people, people standingImage may contain: 4 peopleImage may contain: 2 peopleImage may contain: 3 peopleImage may contain: 6 people, people smilingImage may contain: 6 people, outdoorImage may contain: 3 people, people smiling, people standing and outdoorImage may contain: 1 person, shoesImage may contain: one or more people and people standingImage may contain: 3 people

 

Facebook
Twitter
LinkedIn