රථවාහන වැරදි 7 ක් සඳහා ගැසට් නිවේදනයක්

රථවාහන වැරදි 7 ක් සඳහා ගැසට් නිවේදනයක්

රථවාහන වැරදි 7 ක්  සඳහා  දඩමුදල්  වැඩිකිරිම සම්බන්ධව නීතිය බලාත්මක කිරිමේ  ගැසට් නිවේදනය ලබන සතියේ සිකුරාදා වන විට  නිකුත් කිරිමට  හැකිවෙන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති  වෛද්‍ය  සිසිර කෝදාගොඩ  මහතා පවසයි.

රියදුරු බලපත්‍රයක්  නොමැතිව රිය ධාවනය කිරිම, රියදුරු බලපත්‍රයක්  නොමැති තැනැත්තන්  සේවා නියුක්ත කිරිම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය  භාවිතා  කර රිය ධාවනය, දුම්රිය හරස්  මාර්ගයක් තුළට අපරික්ෂාකාරිව රිය ධාවනය හා බලපත්‍ර රක්ෂණයක්  නොමැතිව රිය ධාවනය යන වැරදි  හා සඳහා රුපියල් 25,000ක දඩයක්  නියම කෙරේ.

Facebook
Twitter
LinkedIn