ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් නව ස්මාර්ට් ජාතික හැඳුනුම්පත ඊයේ (27) සිට නිකුත් කිරිම බත්තරමුල්ල සුහුරුපාය පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ දී ආරම්භ කෙරිණි. ඒ සමඟම වයස අවුරුදු 15 සම්පුර්ණ වු සෑම පුරවැසියකුම වසරක් ඇතුළත මෙම හැඳුනුම්පත ලබා ගැනීම අනිවාර්ය කෙරේ.
තීරු කේත සහිත ත්‍රෛයිභාෂා ස්මාර්ට් ජාතික හැඳුනුම්පත නිකුත්වීමත් සමඟම මෙතෙක් එකම අංකයත් සහිත හැඳුනුම්පත් දෙක බැගින් නිකුත් වීම, වංචනික ක්‍රියා, ව්‍යාජ හැඳුනුම්පත් නිකුත් කිරිමේ ජාවාරම් මුළුමනින්ම නවතිනු ඇතැයි ද පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.
5










