මඩකලපුව හිරුපෙරුම්තුරෙයි කුණු ප්‍රශ්නයට ජවිපෙ මැදිහත්වෙයි

මඩකලපුව හිරුපෙරුම්තුරෙයි කුණු ප්‍රශ්නයට ජවිපෙ මැදිහත්වෙයි

මඩකලපුව නගර සභාව විසින් දීර්ඝ කාලයක සිටි හිරුපෙරුම්තුරෙයි ජනතාවට පීඩා ‍සිදුකරමින් අධිකරණ නියෝග පවා කඩකරමින් සිදුකරගෙන යන කුණු කඳු ගොඩගැසීමට විරුද්ධව ජනතාව විසින් සිදුකරණ විරෝධතා සඳහා කිසිඳු දේශපාලන පක්ෂයක් මැදිහත් නොවුන පසුබිමක ඊට ජනතා විමුක්ති පෙමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මැදිහත් වී තිබේ.

පවුල් 400ක පමණ ජනතාවකට පීඩා ගෙනදෙමින් සිදුකරණ මෙම කුණු කඳු ගොඩගැසීම්වලට විසඳුමක් ලෙස රුපියල් මිලිය 100ක වියදමින් කුණු ප්‍රතිචක්‍රීයකරන මධ්‍යස්ථානයක් ඉදි කර ඇතත් එයද ක්‍රමවත් ලෙස ක්‍රියාත්මක නොවන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මෙම කුණු කන්ද නිසා තමන් පරිහරණය කරන ළිංවල ජලය පවා අපවිත්‍රවී ඇති බව ජනතාව චෝදනා කරන අතර ඒ සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමටද සුනිල් හඳුන්නෙත්ති මහතා කටයුතු කර තිබේ.‍ පසුගිය කාලයේ මීතොටමුල්ල කුණු කන්ද නායයාමෙන් සිදු වූ ඛේදවාචකයෙන් මසයකට පමණ පසු මෙම හිරුපෙරුම්තුරෙයි හි කුණු කන්දද ගිණිගෙන ඇති අතර ඉන් පසු ජනතා විරෝධතා තව තවත් උත්සන්න වී ඇත.

මෙම තත්වය සඳහන් කරමින් සහ තම ගැටළුවට විසඳුමක් ලබාදීමට මැදිහත්වන ලෙස ඉල්ලා එම ජනතාව සුනිල් හඳුන්නෙත්ති මහතාට පෙත්සමක්ද බාර දි ඇති අතර තමන් මේ සඳහා උපරිමයෙන් මැදිහත්වන බව සුනිල් හඳුන්නෙත්ති මහතා එම ජනතාවට පොරොන්දු වී ඇත.

එමෙන්ම මිලියන 100ක වියදමින් ඉදිකර ඇකි කුණු ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්තානය නිරීක්ෂණය  කිරීමටද සුනිල් හඳුන්නෙත්ති මහතා කටයුතු කර ඇති අතර එහිදී එහි එම මධ්‍යස්තානය විදිමත්ව පවත්වාගෙන යායුතු ආකාරයත් ජනතාව මුහුණදෙන තත්වයත් සම්බන්දයෙන් පාලනාධිකාරියට උපදෙස් දෙමින් සාකච්ඡාක්ද සිදුකර තිබේ.

Image may contain: 5 people, people standing, outdoor and nature

Image may contain: 2 people, people standing and outdoor

Image may contain: 1 person

Image may contain: 5 people, people standing

Image may contain: 3 people, people standing

Image may contain: 4 people, people standing and outdoor

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්