චීනය මෙහෙයවීමේ බලය නැවතත් ෂී ජින්ග් පිං වෙත

චීනය මෙහෙයවීමේ බලය නැවතත් ෂී ජින්ග් පිං වෙත

පසුගියදා අවසන් වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන සම්මේලනයේදී නැවත වරක් එම පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස ජනාධිපති ෂී ජින්ග් පිං පත්කර ගෙන ඇති අතර එළඹෙන 2022 වසර දක්වා කාලය සඳහා චීන ජනාධිපතිවරයා ලෙස නැවත වරක් ෂී ජින්ග් පිං පත්ව තිබේ.

ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ෂී ජින්ග් පිං විසින් චීනයේ බලවතුන් ලෙස සැලකෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය සඳහා සාමාජිකයින් පත්කර ඇති බවද වාර්තා වේ.

මීට පෙර 2012 වසරේදී පැවැති චීන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයේදී ෂී ජින්ග් පිං එම පක්ෂයේ බහුතර කැමැත්තෙන් පක්ෂ මහ ලේකම් ධූරයට පත්කරනු ලැබීය. එතැන් පටන් චීනය තුළ දැවැන්ත සංවර්ධන ඉලක්ක අත්පත් කර ගැනීමත් කොමියුනිස්ට් පක්ෂය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ගත් වංචාව – දූෂණයට එරෙහිව සිදුකරනු ලැබූ ක්‍රියාමාර්ගත් හේතුවෙන් ෂී ජින්ග් පිං ජනාධිපතිවරයා නැවත වරක් එම තනතුරට පත් කිරීමට කටයුතු කර ඇත.

පක්ෂ සම්මේලනයේදී මහජන චීන සමූහාණ්ඩුවේ නිර්මාතෘ මාවෝ සේතුං ගේ  මට්ටමින් ෂී ජින්ග් පිං ජනාධිපතිවරයාගේ නාමය ඔසවා තැබීමටටත් ඔහුගේ මතවාද පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමටත් පසුගිය 24 වැනිදා අවසන් වූ චීන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයේදී තීරණය කර ඇති බව පැවසේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්