පුංචි ඡන්දය ජනවාරි 27

පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මස 27වනදා පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කර ඇත. අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සියලු ගැසට් නිවේදන ලබන මස මුල් සතියේදී නිකුත් කරන බව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා එහිදී ප‍්‍රකාශ කර ඇත. ඒ අනුව පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසයේ පැවැත්වීමට ගැටලුවක් මතු නොවන බවද ඇමැතිවරයා පෙන්වා දී ඇත.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය ජනවාරි මස 03වැනි සතියේදී පමණ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තාවේ. ඒ සඳහා නාමයෝජනා කැඳවීම ලබන දෙසැම්බර් මාසයේදී සිදුවන ඇති බවද දැනගන්නට තිබේ.

මේ අතර මනෝ ගණේෂන් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සඳහන්කර සිටියේ ජනවාරි මස 27වනදින ඡන්දය පැවැත්වීය හැකි ලෙස අදාළ කටයුතු සිදු කිරීමට පක්ෂ නායකයන් එකඟ වූ බව ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්