ජනතා විමුක්ති පෙරමුණේ දිරිය පුරවැසි සමිති දිස්‍ත්‍රික් සමුළු මාලාවේ මාතලේ දිස්ත්‍රික් සමුළුව පසුගිය 23වනදා මාතලේ අඹගහමුල බස්නැවතුම්පල භූමියේදී පැවැත්විණි.
දිරිය පුරවැසි සමිතිවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්‘ගමට දිරියක් – රටට බලයක්’ යන තේමාව යටතේ පැවති මෙම සමුළුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවිය.
මීට අමතරව මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් නායක, හිටපු පළාත් සභා මන්ත්‍රි ගමගෙදර දිසානායක මහතා, හිටපු දිසාපති, පුනරුත්තාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.එම්. රාෂික් මහතා, හිටපු බැංකු කලමණාකරු හා ගන්ත්‍ර කර්තෘ බන්දුල අබේසේකර මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ බලයක් යටතේ රට ආර්ථික, සමාජීය වශයෙන් ගොඩනගන ආකාරයත් වත්මන් ආණ්ඩුව පැවති පාලකයන්ගේ වංචාදූෂණ වසන් කරමින් වංචාදූෂණ සිදු කරන ආකාරයත් පැහැදිලි කළ අතර විශේෂයෙන් පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන්ද අවධාරණය කළේ ය.
එහිදී අනුදර දිසානායක මහතා සඳහන් කර සිටියේ ලබන වසරේ ජනවාරි අග භාගය වනවිට මැතිවරණය පැවැත්විය යුතු බවත් එම මැතිවරණය ජනවාරි මාසයෙනුත් ඉදිරියට කල් දැමීමට ආණ්ඩුව සූදානම් වන්නේනම් ජනතා විමුක්ති පෙරමුණ ඊට මැදිහත් වී ලබන ජනවාරි මාසයේ අග භාගයේදී මැතිවරණය ලබා ගන්නා බවත් ය.





















