වෙනසක් ඇති කිරීමට පැමිණි ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙකු නඩත්තු කිරීමට වසරකට රුපියල් ලක්ෂ 700ක් ලබාදීමට ජනතාවට සිදුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මේ නිසා සැබෑ ලෙසම අලුත් වෙනසක් ඇති කරගැනීම සඳහා ජනතාව පෙළගස්වන වැඩසටහනක් ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කළ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳන් කළේය.
“වෙනසකට වෙනස් වෙමු – අලුත් ගමනකට අත්වැල් බැඳගමු – ජනතා විමුක්ති පෙරමුණ සමග එක්වෙමු” යන පාඨය යටතේ අත්පත්‍රිකා බෙදාහරිමින් හා ගෙයින් ගෙට යමින් ජනතාවට දැනුවත් කරන බවත් දිරිය පුරවැසි සමිති හරහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවත් ඒ මහතා පවසා සිටියේය.
ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් සිදුකරන මෙම වැඩපිළිවෙළ හරහා ජවතාව දුක්විඳිද්දී රටම අර්බුදයකට යද්දී පාලක පන්තියට ලැබෙන වරප්‍රසාද ගැනත් දැනුවත් කිරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.












