ලංකා ඛනිජවැලි සමාගමේ සේවකයන් වර්ජනයේ

ලංකා ඛනිජවැලි සමාගමේ සේවකයන් වර්ජනයේ

ලංකා ඛනිජවැලි සමාගමේ සේවකයන් 4දෙනෙකු අත්තනෝමතික ලෙස සේවයෙන් ඉවත් කිරීමට විරෝධය දක්වමින් එහි සේවකයන් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

කෙසේ නමුත් අද (24) පස්වරුව වනවිට ලංකා ඛනිජවැලි සමාගමේ බලධාරීන් පොලීසියේද මැදිහත්වීම මත එකඟතාවයකට පැමිණ ඇති නමුත් පසුව ඛනිජවැලි සමාගමේ බලධාරීන් එය ප්‍රතික්ෂේප කර ඇත.

අන්තර් සමාගම් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති නායකයන් විසින් මෙම තත්වය පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා තිබේ. එහිදී අමාත්‍යාංශ ලේකම්වරයා ලංකා ඛනිජවැලි සමාගමේ සභාපතිවරයාට ලිඛිතව නියෝග කර ඇත්තේ මෙම සේවකයන්ට එරෙහිව යම් විමර්ශනයක් සිදුකරන්නේනම් වහාම ඔවුන් යළි සේවයට බඳවාගෙන අදාළ විමර්ශන සිදු කරන ලෙසය.

කෙසේ නමුත් මේ වනවිට ඛනිජවැලි සමාගමේ සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාගේ ලිඛිත නියෝගය නොසලකා හරිමින් කටයුතු කරන නිසා අමාත්‍යාංශ ලේකම්වරයාගේ ලිඛිත දැනුම්දීම නියෝගය නොසලකා හැරීමට විරෝධය දක්වමින් සහ ලංකා ඛනිජවැලි සමාගමේ සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ සොයාබලා වැරදි කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරණ ලෙසත් ඉල්ලමින් හෙට (25) සිට යලි වැඩවර්ජනයක නිරතවන බව අන්තර් සමාගම් සේවක සංගමයේ ලංකා ඛනිජවැලි සමාගමේ ශාඛාව සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්