අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව ඉරාකය තුළ රැදී සිටින ඉරාන යුද උපදේශකයින් හා ෂියා සටන්කරුවන් ඉවත් විය යුතු බවට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ඉරාකය ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තා වේ.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාට ප්‍රතිචාර දක්වමින් ඉරාක අගමැති හෙයිඩර් අල් අබාඩි ප්‍රකාශ කර ඇත්තේ “කිසිදු පාර්ශවයකට ඉරාකයේ කටයුතුවලට මැදිහත්වීමට අයිතියක් නොමැති අතර ඉරාන සටන්කරුවන් ඉරාකය සහ එහි ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා අතිවිශාල කැපකිරීම් සිදුකර ඇත.“ යනුවෙනි.
පසුගිය ඉරුදින ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ අයි.එස්. ත්‍රස්තවාදීන් ඉරාකය තුළින් සහමුලින්ම පරාජයට පත් කර ඇති තත්වයක් තුළ ඉරාන හමුදා තවදුරටත් ඉරාකය තුළ රඳවා ගැනීමට එරෙහිවය. පසුගිය වසර ගණනාවක් පුරා ඉරාකය තුළ අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදු කළ තීරණාත්මක මෙහෙයුම්වලදී අසල්වැසි ඉරාන හමුදාව ප්‍රබල කාර්යභාරයක් ඉටුකරනු ලැබීය.










